ඉන්දියාවේ දැවැන්ත කැසිනෝ සංචාරක වෙළඳපොළක් ඇතැයි සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ පවසයි.
පසුගිය සමයේ මෙම මාතෘකාව මෙරට යම් ආන්දෝලනයකට තුඩු දුන්න ද වියට්නාමය, කාම්බෝජය වැනි රටවල් එම සංචාරකයන් ආකර්ශනය කර ගනිමින් ඇති බව ද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙරට පුරවැසියන්ට යම් යම් නීති රීති පනවමින් සංචාරකයන් සඳහා මෙවැනි අවස්ථා නිර්මාණය කළ යුතු බවත් සංචාරක කර්මාන්තය ඔස්සේ මුදල් ඉපයීමට හැකි වන්නේ එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ බවත් මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ අවධාරණය කරයි.
පසුගිය ආණ්ඩුවේ සංචාරක නියෝජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සංචාරකයන් උදෙසා කැසිනෝ කර්මාන්තය මෙරට ප්‍රවර්ධනය කිරීමට විශාල උත්සාහයක් ගත්ත ද කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලිය ද ජාතික ජන බලවේග නායකත්වය ද ඊට දැඩි ලෙස විරුද්ධ විය.