කසිප්පු මඩින්න අඩු මිලට බෝතලයක්….!

December 19, 2024 at 12:17 pm | by emanisa.lk

රටේ පවතින නීති විරෝධී මත්පැන් අලෙවිය අඩපණ කිරීම සඳහා ලබන වසරේ මුල් කාර්තුව තුළ අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පවසයි.

මෙය සුරාබදු ආදායම වැඩිකර ගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය සඳහා නොවන බවත් නීති විරෝධී මත්පැන් පාලනය කිරීම සඳහා පමණක් බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම කීය.

මත්පැන් පානය කර රෝගීන් වන පිරිසගේ ප්‍රතිකාරවලට සුරාබදු ආදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බවත්, කිසිදු ප්‍රමිතියකින් තොර මත්පැන් භාවිත කිරීම නිසා වැඩි වශයෙන් එසේ සිදුවන බවට මතයක් ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

අඩු ආදායම් ලාභීන් සඳහා සහන මිලක් යටතේ මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට අවස්ථාව සලසන ලෙස විවිධ පාර්ශ්ව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කරන බවත්, එය ඉටුකළ හැකිද යන්න සම්බන්ධයෙන් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *