නැවත කිසි දිනක රට බංකොලොත් වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
“2028 වන විට අපට ණය ගෙවීමට සිදුවන බවත්, ඒ නිසා නැවත බංකොල්ලොත් වන බවත් මතයක් තිබෙනවා.
මතක තබා ගන්න. 2028 දී තිබෙන්නේ අපේ ආණ්ඩුව.ඒ වගේම මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ.
2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්රායයි. එම ඉලක්කය සපුරා ගත හැකි බවට ආණ්ඩුවට දැඩි විශ්වාසයක් තිබෙනවා.”
ජනාධිපතිවරයා ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.