ඇමති හර්ෂණ ඡන්දේ ඉල්ලුවෙත් ‘අධිනීතීඥ’ නමින්…! – අජිත් පී. පෙරේරා…

December 18, 2024 at 4:29 pm | by emanisa.lk

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර 2020 මෙන්ම 2024 මහ මැතිවරණ සඳහා ද අධිනීතිඥ නමින් තරඟ වැදුණු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

එලෙස තරඟ වැදුණු නඩු නැති අධිනීතීඥ හර්ෂණ නානායක්කාර මේ රටේ සුප්‍රසිද්ධ නඩු සඳහා පෙනී සිටින තමන්ට අපහාස කරන බවට ඔහු චෝදනා කළේ, අද (18) පාර්ලිමේන්තුව අමතමිනි.

ඊට පිළිතුරු දෙමින් ඇමති හර්ෂණ නානායක්කාර සඳහන් කළේ තමා වසර 4ක් රජයේ අධිනීතීඥ ලෙස සේවය කළ බව මිස තමා අධිනීතීඥයකු ලෙස ප්‍රකාශ නොකළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *