මන්ත්‍රීවරුන් සභාවට හඳුන්වාදීමේදී සමාජ මතභේදයට තුඩුදෙන වෛද්‍ය, ආචාර්ය, මහාචාර්ය ආදී නාම මුලින් යෙදීම වැළැක්විය යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඊයේ (17) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම යෝජනා කළේය.
“වෛද්‍යවරයෙක් රෝහල්වලටත්, ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලවලටත් අදාළයි.
ඒ නිසා මම යෝජනා කරන්නේ ඔවුන්ගේ වෘත්තීන් සභාව තුළ භාවිත කිරීමෙන් වළකින ලෙසයි.”