නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබා ගත් ආකාරය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ලැබී තිබේ.
අල්ලස දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනි සමන්ත විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
නාමල් රාජපක්ෂ සිය නීති උපාධි විභාගය වායු සමනය කළ විශේෂ කාමරයක තවත් නීතීඥයන් දෙදෙනෙකුගේ සහයෙන් ලියූ බවට ඇසින් දුට සාක්ෂි ඇති බවයි, ජාමුනි සමන්ත අනාවරණය කළේ.
අදාළ පුද්ගලයා මේ වන විට ජීවිත තර්ජන නිසා විදෙස්ගතව ඇති බවත් ඔහුගෙන් සාක්ෂි විමසා එය සත්‍ය නම් නාමල් රාජපක්ෂගේ නීති උපාධිය අවලංගු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.