දැනට ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන කතානායක අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධියට අදාළ සහතිකය ජපානයේ වසෝදා විශ්වවිද්‍යාලයෙන් ගෙන්වා ගැනීම සඳහා ඔහුගේ සමීපතමයකු එම විශ්වවිද්‍යාලය බලා යෑමට නියමිතව ඇතැයි වාර්තා වේ.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය 2005 වසරට පෙර ලබා ගත් නිසා එය ඔන්ලයින් නිකුත් නොකරන බවයි.
මේ අනුව රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය රන්වල මහතාගේ නියෝජිතයකු විසින් එම සරසවිය වෙත ගොස් රැගෙන ඒමට නියමිතය.