මේ වගේ කාලෙක භාණ්ඩ මිල ඉහළ යෑම සාමාන්‍ය දෙයක්…! – ඇමති සමරසිංහ….

December 15, 2024 at 11:47 am | by emanisa.lk

රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වූ බව වෙළෙඳ වානිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.

“උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් වෙළඳපොළ තුළ තියෙන තත්ත්වයක්. ඒ නිසා එය අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා.

රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණා. අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කරනවා.

ජනතාවට අපහසුතාවක් ඇති නොවන්නට වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති නොවීමට අපි කටයුතු කරනවා. අවශ්‍ය පියවර ගැනීමට රජයේ ආයතන හරහා මැදිහත් වීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා.

විශේෂයෙන් සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල 25%ක් අඩු කිරීමට කටයුතු කරනවා. උත්සව සමයේදී අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා.”

පුවත්පතක් සමග සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම අදහස් පල කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *