ඊළඟ පාප්තුමා තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට ශ්රී ලංකාවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ද තේරී පත්ව තිබේ.
ලොව පුරා සිටින කාදිනල්වරුන් වතිකානුවේ සිස්ටයින් දෙව්මැදුරට පැමිණ රහස් ඡන්දයෙන් අභිනව පාප්තුමා තෝරාපත් කර ගැනීම සම්ප්රදායයි.
පාප්තුමා තෝරා ගැනීම සිදුකරනු ලබන්නේ ද ලොව පුරා සිටින කාදිනල්වරුන් අතරිනි. ඒ සඳහා ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබන කාදිනල්වරුන් අතරින් 2/3 බහුතරයක් ලබා ගන්නා කාදිනල්වරයා ඊළඟ පාප්තුමා බවට පත්වෙයි. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා මෙයට පෙර ද එම තනතුරට නිර්දේශ විය.