ඇමති හර්ෂණට ‘ආචාර්ය’ පට්ටම දුන්නේ පාර්ලිමේන්තුවලු..!

December 13, 2024 at 1:54 pm | by emanisa.lk

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අතපසුවීමක් බව පාර්ලිමේන්තුව පවසයි.

අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බවද එහි දැක්වෙයි.

ඒ අනුව, එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බව ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාව පිළිබඳව බලවත් කනගාටුව පළ කරන බව ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *