පොල් හිඟ වුණේ රිලවු නිසා නෙමෙයි පෑවිල්ල නිසායි…! – මහාචාර්ය අරුණ කුමාර…

December 13, 2024 at 12:18 pm | by emanisa.lk

මේ වන විට රට තුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසයි.

“කෙටි කාලයක් ඇතුළත පොල් හිඟ වෙන්න නම් රිලා ගහනය ක්ෂණිකව වැඩි වුණා ද කියලා සලකා බලන්න වෙනවා. පැහැදිලි දේ තමයි එහෙම ක්ෂණික වැඩි වීමක් වුණේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ සතුන්ගේ ගහනය වැඩි වෙනවා.

මාර්තු සිට ජුනි දක්වා රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑම සහ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදුවෙලා තිබෙනවා. පොල් ගහකට සුදුසුම උෂ්ණත්වය වන්නේ centigrade 27,28 වගේ උෂ්ණත්වයක්. නමුත් මේක centigrade 33ට වඩා ඉහළට යනකොට පොල්ගස්වල පරාගණය අඩුවෙලා ඵල හටගැනීම අඩු වෙනවා.

කෙටි කාලීන පියවරක් ලෙස සත්ව ගහනය පාලකය කරන්නම වෙනවා. ඒ වගේම දැනට තිබෙන පොල් අස්වැන්න වැඩි කරන්න පුළුවන් පියවර අපි ගන්න ඕනේ. මෙරට වාර්ෂිකව වගාකරන පොල් පැළ ප්‍රමාණය ලක්ෂ 70කින් පමණ අඩු වෙලා. අනාගතය දිහා බලලා පොල් පැල සිටුවීම වැඩි කරන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *