කතානායකට එරෙහිව විශ්වාසභංග පෝළිමක්… පොහොට්ටුවත් භංගයක් ගේන බව කියයි…!

December 12, 2024 at 6:20 pm | by emanisa.lk

කතානායක අශෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණ පවසයි.

“තමන් වංචනිකව යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් ජනතාවට ප්‍රකාශ කරලා, එය වැරදි බවට හෙළි වෙලා තියෙනවා නම් කථානායකවරයා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ සමස්ථ පරිපාලනයට ගරු කරමින් රටේ තුන්වැනි පුද්ගලයා වංචනිකයෙක් කියන නාමය දෙන්නේ නැතිව මේ තනතුරින් වහාම ඉවත් වීම. නමුත් අවාසනාවකට අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. මේක සමස්ත රටටම ඉතාම හානිදායක තත්ත්වයක්.”

මෙම විශ්වාසභංගයට සමස්ත විපක්ෂය මෙන්ම හෘද සාක්ෂියට එකඟ ආණ්ඩුවේ පිරිස්ද දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කරයි.

අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා මේ බව පැවසීය.

මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේ සිය පක්ෂය ද කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *