අශෝක රන්වල යනු ආධුනිකත්ව මණ්ඩලයෙන් පැමිණ තෙල් සංස්ථාවේ සේවය කළ කාර්මික නිලධාරියෙකු පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
එහෙත් අශෝක රන්වල මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන ඉංජිනේරු උපාධිධාරියෙකු සහ ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙකු බවට බොරු පවසා පසුගිය මහා මැතිවරණනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව රැවටූ බවට ඔහු චෝදනා කරයි.
මොවුන් නාමල් රාජපක්ෂගේ සහ මර්වින් සිල්වාගේ උපාධිවලට සිනාසුනු බව ද සහ චාමර සම්පත් දෙකෙක් පන්තියට ගිය නූගතෙකු යැයි සිනාසුනු බව ද ඔහු සිහිපත් කරයි.
චාමර සම්පත් මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව අමතමින් තමන්ට උගත්කමක් නොමැති බවත් ඉංග්‍රීසි බැරි බවත් වඩේ විකිණු මිනිහෙකු බවත් සඳහන් කළ බවත් එම අවංකකමවත් අශෝක රන්වලලාට නොමැති බවත් පාඨලී චම්පික සඳහන් කරයි.
චාමර සම්පත්ලාට දෙකේ පන්තියට පමණක් ගියා යැයි සිනාසුණ මේ අය චාමර සම්පත්ලාටත් වඩා තක්කඩි පහත් පිරිසක් බවයි, ඔහු අවධාරණය කළේ.
ඊයේ (11) මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මේ බව කීය.