වගා හානියට ගොවීන්ට රු. ලක්ෂයක වන්දියක් දෙනවා…! නි. ඇමති නාමල්….

December 12, 2024 at 2:11 pm | by emanisa.lk

ගං වතුර තත්ත්වය නිසා සිදු වූ වගා හානි වෙනුවෙන් ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ආපදාවලට ලක්වූ ගොවිබිම් වගේම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වන විට තක්සේරු කරමින් පවතිනවා.

ඒ අනුව හානි වුණ වගාබිම්වලට ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු. ලක්ෂයක පූර්ණ වන්දියක් ලබාදීමට රජය බැඳිලා ඉන්නවා. ඒ යුතුකම වගකීම අපි ආණ්ඩුව විදියට අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා.

අඩිය, අඩි දෙක, අඩි එකහමාර විතර යටට වැලි තට්ටු තට්ටු පිරිලා කුඹුරු යටවෙලා තියෙනවා. ඒ සඳහා මැෂින් උපකාරය ගන්න වෙනවා.

අපි දැනුම්වත් කරා ඒ ඒ ප්‍රදේශවල තියෙන විවිධ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය යටතේ ඒ ගොවිබිම් නැවත යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන්න කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *