පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් කිලෝ 75 000 තොගයක් වෙළෙඳපොළට නිකුත් කර ඇත.
මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර තිබේ.
රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේය.
සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන්ය.