වන සතුන් සිදුකරන වගා හානි වළක්වා ගැනීමට එක් එක් භූමියට වෙන වෙනම කෙටි කාලීන ව්‍යාපෘති දියත් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
එහි දී ප්‍රශ්නයට මුහුණ දෙන ජනතාව ඊට දායක කර ගැනීමට කටයුතු යොදා ඇති බව ද එසේ නොවන ව්‍යාපෘති සාර්ථක කර ගත නොහැකි බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.
ජනතාව සහ නිලධාරීන් එකතු වී ඒ ඒ භූමිය සඳහා නිර්දේශ කරන ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සහ අවශ්‍ය පහසුකම් ලබා දීමට තීන්දු කළ බව ද ඇමති ලාල්කාන්ත ප්‍රකාශ කරයි.