ඉන්දියාවෙන් ගෙන එන නාඩු සහල් කිලෝවක් රුපියල් 220ට අලෙවි කිරීමට දීමෙන් ආනයනකරුවන් අධික ලාභයක් හිමි වන බව ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
ඉන්දියාවේදී සහල් කිලෝවක් මෙරට මුදලින් රුපියල් 85-90ක් වැනි මිලකට ලබාගත හැකි බවත් එම සහල් මෙරටට ගෙන්වා සියලු වියදම් සමග රුපියල් 150 වැනි මිලකට අලෙවි කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මෙරට ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ට අලෙවි කරනවා නම් ගෙන්වීමේ දී ආනයනකරු ලබන අධික ලාභය රජය මගින් අයකර ගත යුතු බවද අනුරාධ තෙන්නකෝන් පෙන්වා දෙයි.