යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන රාමනාදන් මහතාට එරෙහිව යාපනය ශික්ෂණ රෝහල් අධ්යක්ෂවරයා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ මන්ත්‍රීවරයා යාපනය රෝහලට ඇතුළු වී නොසන්සුන්කාරීව හැසිරුණු බවට චෝදනා කරමිනි.
වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරවලට බාධාවන අන්දමින් මන්ත්‍රීවරයා හැසිරුණු බව පැමිණිල්ලේ සඳහන් වෙයි.
වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ මන්ත්‍රී අර්ජුන රාමනාදන් මහතා බහින්බස්වී ඇති බවත් ඔහු රෝහල් වෙත පැමිණ ඇත්තේ කුමක් සඳහා ද යන්න මෙතෙක් අනාවරණ නොවූ බවත් පොලිසිය සඳහන් කරයි.