ජනතාවට සහන දෙනවා වැඩි නේදැයි විපක්ෂය අසන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.
ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැය පෙබරවාරි මාසය ඉදිරිපත් කිරීමෙන් පසු ජනතාවට සහන රැසක් දෙන බවත් ඒ මහතා අනාවරණය කරයි.
නව ආණ්ඩුව පත් වී ගතවන්නේ ඉතා කෙටි කාලයක් නිසා තවත් සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටියේය.
රන්න ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.
පවතින සහල් අර්බුදයට දැනටමත් විසඳුම් සකසා ඇතැයි ද පැවසූ රුවන් සෙනරත්, ජනතාව බඩගින්නේ සිටීදී සහල් සඟවාගෙන සිටින්නේ නම් එය අසාධාරණ බව ද කියා සිටියේය.