කැන්ටිමේ පොල් සම්බල් කිරිහොදි අතුරුදන්…කෑම මිල 30%කින් ඉහළට…!

December 9, 2024 at 1:01 pm | by emanisa.lk

මේ වන විට රට පුරා සියලු ආපනශාලා පොල් සම්බල් සහ කිරිහොදි සැකසීම නවතා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසිත නිරෝෂණ පවසයි.

මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක් රු. 200කට අධික වීම ඊට හේතුව බවයි, ඔහු සඳහන් කළේ.

වෙළඳපොළේ හාල්, පොල්, ලුනු සහ බිත්තර මිල ඉහළ යෑම නිසා ඉදිරියේදී ආපනශාලා ආහාර මිල ද 30%කින් පමණ ඉහළ යාමට ඉඩ ඇතැයි ද අසිත නිරෝෂණ පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *