කිසිම වාහනයක් ගේන්න රජය තීන්දුවක් අරන් නෑ…! – වාහන ආනයනකරුවන්ගේ සංගමය…

December 9, 2024 at 10:50 am | by emanisa.lk

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කරයි.

“මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක් – 5ක් අපේ කේෂ්ත්‍රය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. අපෙත් පැතුම මොනවා හරි වාහනයක් ගේන්න. අපිත් ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ බස්, ලොරි ගෙන්නලා ඊට පස්සේ දෙවන තුන්වන අදියර යටතේ ඉතුරු වාහනත් ගෙන්න ගන්න ඉක්මට හැකියාව ලැබෙන්න කියලා.

දැනට කිසිම වාහනයක් ගේන්න රජයේ කිසිම තීරණයක් නෑ. නව රජයෙන් තීරණය වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා තමන් ළඟ තියෙන වාහනය විකුණන්න. තාම රජයේ කිසිම කෙනෙක් ප්‍රකාශයට පත්කරලා නෑ කවද්ද වාහන ගෙන්වන්නේ කියලා.
අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා. මොකද මිනිස්සු කලබල වෙලා ඉන්නේ. රජය ප්‍රකාශයට පත්කරන කල් තමන් ළඟ තියෙන වාහනය අඩුවට කාටවත් විකුණන්න ඕනේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *