විපක්ෂයේ සිට හාල් ඉල්ලා කෑ ගසන පිරිස මෙම විනාශයට වගකිව යුත්තන් බවත් ඔවුන්ට එසේ කෑ මොර දීමේ අයිතියක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ආණ්ඩුවට ප්රශ්නය විසඳීමට කල් අවශ්‍ය වුවද දේශපාලන ස්ථාවරයක් ගැනීමට කාලයක් උවමනා නැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
වෙළඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇති කොට කෘත්‍රිම ලෙස මිල ඉහළ නංවා ඇත්නම් ඊට වගකිව යුත්තන් කරා ආණ්ඩුව යා යුතු බව ද පුබුදු ජයගොඩ අවධාරණය කරයි.
ජනතාවට සතොසට යන්න කියලා ආණ්ඩුව එතනට නොයන්නේ නම් ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බව ද ඔහු ප්‍රකාශ කරයි.