පොල් ගසට වසර කිහිපයක් තිස්සේ නිසි සාත්තුවක් නොලැබීම පොල් හිඟයට හේතුව බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.
එහි සභාපති ශාන්ත රණතුංග පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාබනික ප්‍රතිපත්තිය නිසා රසායනික පොහොර හිඟවීමෙන් පොල් ගසට වසර දෙකක් පමණ පොහොර අහිමි වූ බවයි.
ඒ සමග පැමිණි ආර්ථික අර්බුදය සමග පොහොර මිල විශාල වශයෙන් ඉහළ යාමෙන් වසර 5-6ක් තිස්සේ පොල් ගසට නිසි සාත්තුවක් නොලැබීම නිසා අස්වැන්න අඩු වූ බව ද ඔහු සඳහන් කරයි.