කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඇතිවී තිබෙන සංවාදය සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු පවසන්නේ තමන්ට සහ පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා කරන බවයි.
අදාළ චෝදනාවලට මේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.
තමන් මොරටු විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් හා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලෙන් ආචාර්ය උපාධියත් ලබාගෙන ඇති බවද කතානායකවරයා තව දුරටත් කියා සිටියි.
මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය කුමාර කළුආරච්චි මහතා, තොරතුරු දැනගැනීමේ පනත යටතේ කතානායක රන්වලගේ උපාධි ගැන විමසා මොරටුව විශ්වවිද්‍යාලයට ලිපියක් යොමු කර තිබේ.