තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවිබිමේදී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට නීතිමය බාධාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි.
වන සතුන්ගෙන් වන වගා හානිය ලංකාව පුරාම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඇමති ලාල් කාන්ත මහතා ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් මේ බව සඳහන් කළේය.
පොදු ජන ජීවිතයටත් කෘෂි කර්මාන්තයටත් සතුන්ගේ ප්රශ්නය රිලා ත්රස්තවාදයක් බවට පරිවර්තනය වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.
දිගු කාලයක් ගත වීමට පෙර එම ගැටලුව විසඳන බවට ඇමැතිවරයා ගොවීන්ට ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය.