ජාතික ජන බලවේගයට බලය ලබා දීමට වාමවාදී දේශප්‍රේමී ජනතාව තීන්දු කළේ මෙරට මුල්බැස පැවැති දේශපාලන සංස්කෘතිය සමග බැඳුණු වංචා දූෂණ චෝදනා පිළිබඳ කලකිරීම නිසා සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එසේ නොැතිව එම ජනතාව ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්රකාශනය හෝ ජවිපෙ පන්ති පහ හෝ ජවිපෙ අභ්‍යන්තර දේශපාලනය හෝ දැන නොසිටි බවයි.
ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇති බොහෝ දේ ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඒ සඳහා ආණ්ඩුවට උපායමාර්ගික වැඩපිළිවෙළක් ඇති බවක් ඔවුන්ගේ ප්‍රකාශවලින් තහවුරු නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
ජනතාව අපේක්ෂා කරන වෙනස කිරීමට සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව සඳහන් කළ දිලිත් ජයවීර, ඒ සඳහා ආණ්ඩුවට අවංක අවශ්‍යතාවක් තිබුණ ද වැඩපිළිවෙළක් නොමැති නම් ඉටු කළ නොහැකි බව ද සඳහන් කරයි.
දිලිත් ජයවීර අද (06) සිය මංගල පාර්ලිමේන්තු කතාව පවත්වමින් මේ බව කීය.