ආයෝජනවලට දේශපාලන බලපෑම් කළ යුගය අවසන්…! – ජනපති….

December 5, 2024 at 5:27 pm | by emanisa.lk

නව ආයෝජන අවස්ථා ලබාදීමේ දී හිතවත්කම් මත කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

ලබන වසරේදී රට තුළ නව ආයෝජන කලාප 5ක් ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බව ද රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබාදෙන බව ද හෙතෙම පවසා තිබේ.

දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බවද මෙහිදී පෙන්වා දුන්නේය.

එනිසා ආයෝජන මණ්ඩලයට පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවිය යුතු බවත්, ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලබාදෙන බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *