ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මහවිරු සැමරුම පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ ය.
මේ වන විට ඔහුගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.