අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන මාසික ප්රතිලාභ දීමනාව පිළිවෙළින් රු.8500 සිට රු.10,000 දක්වා සහ රුපියල් 15,000 සිට රු.17,500 දක්වාත් වැඩි කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව සංශෝධිත අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. එසේම සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සහ අවදානමට ලක්වූ සමාජ කාණ්ඩය සඳහා ප්රතිලාභ ගෙවන කාලසීමාව තවත් දීර්ඝ කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ අනුව සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්රතිලාභ ගෙවන කාල සීමාව 2025-03-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීමටත් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා 2025-12-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීමටත් නියමිතය.
වත්මන් ජීවන වියදම සැලකූ විට දැනට ලබා දෙන මුදල ප්‍රමාණවත් නොවන බවට ද කරුණු ඉදිරිපත්ව තිබේ. ඒ අනුව දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය මෙසේ සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.