ඓතිහාසික ජනවරමක් ලද ආණ්ඩුවක් ලෙස වගකීමෙන් කටයුතු කරනවා..! – අගමැතිනි…

December 3, 2024 at 2:59 pm | by emanisa.lk

ඓතිහාසික ජන වරමක් ලැබ ඓතිහාසික පරිවර්තනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

“අපේ රටේ ඡන්දදායකයා මොකක්ද පෙන්නුම් කළේ. දේශපාලනය නෙමෙයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ දූෂිත බලය අවභාවිත කරන ඒ දේශපාලන සංස්කෘතියයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ. ඒ වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන ජනතාවාදී සහභාගීත්ව, ප්‍රජාතන්ත්‍රවාදය තියෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගන්නත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නත්, දේශපාලනිකව ඒකට මැදිහත් වෙලා ඒකට විසඳුම් සොයා ගන්නත් අපේ රටේ ජනතාව තුළ ඒ බුද්ධිය, සහ අපේ රටේ ඒ දේශපාලන පරිනතභාවට තියෙන බව ඔවුන් ඔප්පු කරලා තියෙනවා.

එහෙනම් අද අපි පිළිගත යුත්තේ පොදු ජනතාව තුළ පිබිදීමක්, පොදු ජනතාව තුළ අවදි වීමක් හරහා විශාල ජනතා ජයග්‍රහණයක්. ඒ ජනතා ජයග්‍රහණය ලැබීම මේ පාර්ලිමේන්තුව තුළත් පිළිබිඹු වෙනවා. ඒ වගේම මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරන්නත් ඓතිහාසික අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අපි කිසිසේත්ම මගහරින්නේ නෑ කියන එකත් හොඳට මතක තබා ගත යුතුයි.”

අද (03) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනි හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *