ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ දරන විපක්ෂ කණ්ඩායම්වලට ඉදිරියේ දී පෙරළී යාමට සිදු වනු ඇත්තේ බන්ධනාගාරයට බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
“ආණ්ඩුව පෙරළනවා කියලා පාරම්බාන විපක්ෂයේ අයට එළියට නොපොනුණාට ඒ අය කරපු වැඩ වලට අදාළ ෆයිල් ටික ඇතුළෙන් හැදෙනවා.
තව මාස දෙක තුනක් යනකොට නඩු එක දෙක උසාවියට එනවා. නඩු ටික අහලා තීන්දු ටික දුන්නාම ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට බන්ධනාගාරවලට පෙරළිලා යන්න වෙනවා. ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ.”
ඔහු මේ බව කියා සිටිය රිදීමාලියද්ද ප්‍රදේශයේදී ජන හමුවක් අමතමිනි.