ආණ්ඩුව සමාජ මාධ්‍ය දඩයම් කරමින් මහවිරු සමරුවට මුක්කු ගහනවා…! – දිලිත්…

December 2, 2024 at 7:58 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව සිදුකරන සමාජ මාධ්‍ය දඩයම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් පුරවැසියාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අනවශ්‍ය ලෙස පාලනය උත්සාහ කිරීම ගැන කනගාටු වන බවත් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

මහවිරු සංකල්පය මේ රටේ එකමුතු ජාතියක් ගොඩනැඟීමට විශාල බාධාවක් බවත් ඒවා පටු දේශපාලන වාසි සඳහා භාවිත නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

මහවිරු සමරුව පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දැක්වීම නිසා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති කැළුම් ජයසුමනගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට අද (02) පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *