විපක්ෂයේ සිටිය දී තමන් බලයට පත් වූ පසු තෙල් ලීටරය රු. 52 දක්වා පහත දමන බව ප්‍රකාශ කළ ආණ්ඩුව, පෙට්‍රල් මිල රු. 2කින් අඩු කොට අනෙකුත් ඉන්ධන මිල ඉහළ නංවා ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි චෝදනා කරයි.
එකල ගොවි ජනතාවට ප්‍රශ්නයක් ආ විට ගොයම් කරල ඉඟුරු කරල කටේ ගහගෙන අල ලූනු මාධ්‍යයට පෙන්වමින් කටයුතු කළ අමාත්‍ය නාමල් කරුණාරත්න, ගොවියන්ට වගා හානි ලෙස රු. 40000ක් වෙන් කර ඇතැයි ද සීලරතන හිමි පවසයි.
වෙනත් ආණ්ඩුවක් මෙය කළා නම් ගොවියන් සමග පාරට බැස අමුඩ ගසා ගෙන උදළු මන්නා කැති පොරෝ කෙටේරි උස්ස ගෙන පාර දිගේ විරෝධතා කරන බවත් ගොවියන්ගෙන් දැන් සැප ද කියා තමන් වහන්සේ අසන බවත් එහිමියන් ප්‍රකාශ කරයි.
මොවුන් මෙලෙස කටයුතු කරන්නේ දෙවියන්ගේ හාල් කෑවිලා දැයි අද (01) මාධ්‍ය හමුවක් අමතමින් බත්තරමුල්ලේ සීලරතන හිමි ප්‍රශ්න කළේය.