පොහොට්ටුව නිර්මාණය වූයේ බැසිල් රාජපක්ෂට දේශපාලනයේ රැඳී සිටීම සඳහා මෝල් කරකැවීමට පුද්ගලයන් එකතු කර ගැනීම සඳහා බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
“මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව වැඩිම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ සර්වජන බලය. අඩුම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. පොදුජන පෙරමුණ සියලු ශක්තිය ඔවුන් යොදවලා තිබුණා.
පොහොට්ටුව නිර්මාණය වුණේ බැසිල් රාජපක්ෂට දේශපාලනයේ සිටීම සඳහා ඡන්ද මෝල කරකවන්න අවශ්‍ය පුද්ගලයින් එකතු කරගන්න. පොහොට්ටුවට දර්ශනයක් තිබුණේ නැහැ. ඒ අමෙරිකානු පුරවැසියා රට දාලා ගිය පසු දැන් මෝල කැරකෙන්නෙත් නැහැ.
පොහොට්ටුව කැඩිලා ගිහිල්ලා පිරිසක් ගෑස් එකේ, පිරිසක් ගෑස් නැතුව. ජනතා විමුක්ති පෙරමුණ සාර්ථකව විනාශ කරලා තියෙනවා බලය ලබාදීලා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිහිනයක් තමයි, අද අනුර කුමාර ඔහුගේ මිතුරා ඉටුකරන්නේ.
දීර්ඝ කාලීනව විනයක් සහිතව පවත්වාගෙන ආ ඒ දේශපාලන ව්‍යාපාරයේ ජීවය දූෂණයට ලක්වෙලා තියෙනවා, ඔවුන්ම සඳහන් කළ වලව් දේශපාලන හරහා.”
සර්වජන බල සංවිධායක සම්මේලනය අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.