ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීරණය කළේ වෙළඳපොළේ සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීමේ කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් ලෙස බව ජාතික ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න සඳහන් කරයි.
ඒ හැර සහල් ආනයනයෙක් කිසිවෙකුට කොමිස් ගැසීමට කටයුතු නොකරන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගෙන්වන බවත් ප්‍රකාශ කරයි.
සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය සමග සාකච්ඡාවකට එක්වෙමින් සුසන්ත කුමාර ගුණරත්න මේ බව කියා සිටියේය.