ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමන් එකඟ වූ වැඩපිළිවෙළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් තම සතුට ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
“මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න.
වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා.
මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා.”
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) අමාරි කලම්බෝ තරු පහේ ජාත්‍යන්තර හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.