ලංකාවේ අසාර්ථකම විපක්ෂ නායකයා එක්ක අපට ගමනක් නෑ…! – දිලිත්….

November 29, 2024 at 5:01 pm | by emanisa.lk

වර්තමාන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග කිසිසේත් එකතු නොවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

තම පක්ෂය පාර්ලිමේන්තුවේදී වෙනම බලවේගයක් ලෙස ක්‍රියාකරන බවත් හෙතෙම අවධාරණය කරයි. වර්තමානයේ රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය අතර ඊට නායකත්වය දිය හැක්කේ සර්වජන බලය පක්ෂයට පමණක් බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

සමගි ජන බලවේගයට හෝ සජිත් ප්‍රේමදාසට විපක්ෂයක් ලෙස මෙරටට කළ හැකි දෙයක් නැති බවත් ඔහුගේ අසමත්කම නිසා සියයට තුනක ප්‍රතිශතයක සිටි පක්ෂයක් ආණ්ඩු බලය ලබාගත් බවත් එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ දෙයක් බවත් ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *