වර්තමාන ආණ්ඩුව හොඳ බව උතුරු නැගෙනහිර ජනතාව විශ්වාස කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.
තමන් කිසි දිනක ජාතිවාදය අවුස්සන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපති අනුර දිසානායකට සහයෝගය දුන් බවත් ඔහු අවධාරණය කරයි.
සිංහල දෙමළ ජනතාව එකට සිටිය යුතු බවත් රට බෙදීමට කිසි දිනක නොසිතන බවත් අර්ජුන් රාමනාදන් සඳහන් කරයි.
ඊයේ (27) උතුරේ ප්රභාකරන් සැමරීමක් නොකළ අතර යුද්ධය නිසා මිය ගිය අයගේ ඥාතීන් සැමරූ බවත් හෙතෙම පෙන්වා දෙයි.
අද (28) කොළඹ මහ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.