මාලිමා මහ ‌ලේකම්ගේ කාර් එක පාර්ලිමේන්තු පොකුණට වැටේ…!

November 27, 2024 at 9:04 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය ඊයේ (26) පස්වරුවේ පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී නිහාල් අබේසිංහ මෝටර් රථයෙහි සිට නොමැත. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන වැඩමුළුවට සහභාගී වී ඇති ඔහු රැගෙන යාම සඳහා පැමිණි මෝටර් රථයෙන් පාර්ලිමේන්තුවට එමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථය ජල පොකුණට වැටී මැදටම ඇදී ගොස් ඇතැයි වාර්තා වන අතර පාර්ලිමේන්තු සේවකයින් විසින් රියදුරාව ආරක්ෂිතව ගොඩට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *