අමාත්‍යංශ බෙදා අවසන්… ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් නෑ…ඇමැති කෙනෙකුත් නෑ…!

November 26, 2024 at 9:50 am | by emanisa.lk

මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගහැරී ගොස් ඇතැයි වාර්තා වෙයි.

රාජ්‍ය පරිපාලනයේ පැරණිම අමාත්‍යාංශයක් වන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිදහස් උත්සවය ඇතුළු රාජ්‍ය උත්සව සංවිධානය කිරීමේදී මූලික වී කටයුතු කරයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339ක් ඇතුළු ආයතන කිහිපයක් පාලනය විය.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය අතපසුවීමෙන් මගහැරිණි ද, එසේ නොමැතිනම් වෙනත් හේතුවක් නිසා එය සිදු වූවා ද යන්න අපැහැදිලි බව එම අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මීට පෙර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලෙස පැවතියත් මෙවර එය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *