ජනපති අගමැති ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් 159 දෙනා ප්‍රතිපත්තියක් ලෙස වැටුප් නොගන්නා බව ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
සිය වැටුප් පක්ෂයේ පොදු අරමුදලට බැර කරන අතර එමගින් සිය වියදම් කළමනාකරණය කරන සිදුවන බව ද හෙතෙම සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මැති ඇමැතිවරුන්ට වරප්‍රසාද නොමැති අතර ජනතාවට බරක් නොවන ලෙස ඔවුන් කටයුතු කළ යුතු බවයි.
ජනතාව ලබා දුන් භාරධුර වගකීම ඉටුනොකළහොත් තමන් ද ගෙදර යැවීමට ඔවුන් දෙවරක් නොසිතන බව ද රත්න ගමගේ අවධාරණය කරයි.
අක්මීමන අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආශීර්වාද පිංකමකට එකතු වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කීය.