මේ රටේ මහ ජනතාවට නීතියේ පිළිසරණ සහ ආරක්ෂාව නිසි ලෙස ලැබිය යුතු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසයි.
පසුගිය සමයේ දිගින් දිගට ම පොදු ජනතාවට එක නීතියක් සහ පාලකයන්ට තව නීතියක් ක්‍රියාත්මක වීම ම නව දේශපාලන යුගයකට මාවත විවර කළ බව ද හෙතෙම පෙන්වා දෙයි. එහෙයින් නීතියට බලපෑම් කිරීමට පාලකයන්ට තව දුරටත් කිසිදු අයිතියක් නොමැති බව ද ඇමැති වටගල ප්‍රකාශ කරයි.
එම දේශපාලන බැරියර් එක තමන් ඉවත් කළ නිසා තව දුරටත් මත්ද්‍රව්‍ය සහ පාතාළ ක්‍රියා මැඩලීමට නොහැකි වුණා යැයි හේතු දැක්වීමට නොහැකි බව ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අවධාරණය කරයි.
අද (25) සිය අමාත්‍යංශයේ වැඩභාර ගැනීමේ අවස්ථාවට එකතු වෙමින් ඔහු මේ බව කීය.