රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා එම තනතුරින් ඉවත් කිරීම, විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට සේ ම ශිෂ්ටත්වයට ද එරෙහිව යෑමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ සඳහා යොදාගැණුනේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති හදිසි නීතිය යොදාගනිමින්, ජ.වි.පෙ. හා ශිෂ්‍ය සංගම් තහනම් කරතිබිය දී, විශ්වවිද්‍යාල ස්වාධීනත්වය අහිමි කරමින් ගෙනා අණ-පනත් වීම, දෛවයේ සරදමක් බවයි.
මෙය ජාතික ජන බලවේගය ආණ්ඩුව තමන්ගේ ම මිනීවල කපා ගැනීමේ ආරම්භය විය හැකි බවට ද ගෙවිඳු කුමාරතුංග අනතුරු අඟවයි.