වේයන්ගොඩ වදුරව ප්‍රෙද්ශයේ අධිවේගී මාර්ගය අසල සිදුකළ කැනීම පිළිබඳ විවිධ විකෘති තොරතුරු මාධ්‍ය ඔස්සේ පැතිරෙන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
එහි දී කිසිදු නිදානයක් ගැනීමේ කටයුත්තක් සිදු නොවූ අතර එය විද්‍යාත්මක කැනීමක් බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.
එහි කිසිදු පුරාවිද්‍යාත්මක ඉදිකිරීමක් නොමැති බව පුරාවිද්‍යා කොමසාරිස්වරයා තහවුරු කර ඇති අතර එහි සිදුකළේ රජය මූලික කරගත් නෛතික අනුග්‍රහය සහිතව බව ද ඔහු සඳහන් කරයි.
මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් එකව පිළිගෙන ඉක්මන් තීරණ නොගෙන රජය මැදිහත්වීමෙන් සිදුකරන පැහැදිලි කිරීම් පිළිගැනීම හොඳ බවත් ඇමැති සුනිල් සෙනෙවි ප්‍රකාශ කරයි.
බලංගොඩ මිරිස්වත්ත ශ්‍රී ධම්මානන්ද පිරිවෙන වෙත ඊයේ ( 23) පැමිණි අවස්ථාවේ ඇමතිවරයා මේ බව කීය.