රටේ 97%ක් රස්සා හොයනවා… ව්‍යවසායකත්ව නැඹුරුව 3%ක් විතරයි…!

November 23, 2024 at 11:43 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය කෙරෙහි නැඹුරු වන්නේ ජනගහනයෙන් 3%ක් වැනි ඉතා ම සුළු ප්‍රතිශතයක් බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ධනුක ලියනගමගේ පෙන්වා දෙන්නේ කලාපයේ සෙසු රටවල් සමග සසඳන කල මෙය ඉතාම අවම අගයක් බවත් ව්‍යවසායකත්වය විශාල වශයෙන් ලංකාවේ ප්‍රවර්ධනය කළ යුතු බවත් ය.

පාසල් අධ්‍යාපනය තුළ පමණක් නොව විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ද දරුවන් රැකියා සඳහා මිස ව්‍යවසායකත්වය කෙරෙහි යොමු කිරීමක් සිදු නොවන බව ද ඔහු සඳහන් කරයි.

2022 ආර්ථික අර්බුදය සමග ව්‍යවසායකත්වය කෙරෙහි යම් නැඹුරුවක් පවතින බවත් එය ජනගහනයෙන් 10% දක්වා වැඩි කළ යුතු බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

ගෝලීය ව්‍යවසායකත්ව සතිය 2024 සමාරම්භක උත්සව අවස්ථාව අමතමින් ලංකා වානිජ මණ්ලයේ දී ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධනුක ලියනගමගේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *