225ට උයන කෑමට ඉන්නේ 15-20යි… මේ අපරාධ නතර කරන්න..! – සජබ….

November 22, 2024 at 4:43 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද 07 ඉවත් කිරීම ජාතික ජන බලවේගය ලද ජනවරමෙහි ඇති විශාලතම කොටස බවත් දැන් එම පොරොන්දු ඉටු කළ යුතු බවත් සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ දී සිය කෑම වේල එපා යැයි හරීන් ප්‍රනාන්දු සමග ලිඛිතව බලධාරීන්ට දැනුම් දුන් බවයි.

පාර්ලිමේන්තු දිනවල මන්ත්‍රීවරුන් 225 දෙනාටම ආහාර සකස් කළ ද සමහර දිනවල මන්ත්‍රීවරුන් පැමිණෙන්නේ 15-20ක් යැයි ද හේෂා විතානගේ අනාවරණය කරයි.

එහෙයින් එම කෑම වේල නවතා දැමිය යුතු බවත් ඇමැති නිවාස සඳහා වර්තමාන වටිනාකම අයකර මහපොළ අරමුදලට බැර කළ යුතු බවත් රු. ලක්ෂයක කාර්යාල නඩත්තු මුදල අහෝසි කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

එසේම මාදිවෙල මන්ත්‍රී නිවාස විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දෙන ලෙසත් මන්ත්‍රී මන්ත්‍රී රක්ෂණාවරණය සහ විශ්‍රාම වැටුප අහෝසි කරන ලෙසත් හැකි නම් මන්ත්‍රී දීමනාව ද ඉවත්කර එය ගරු සේවයක් බවට පත්කරන ලෙසත් හේෂා විතානගේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එම කටයුතු සඳහා සමගි ජන බලවේගයේ සම්පූර්ණ සහය හිමි වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

අද (21) සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හේෂා විතානගේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *