බහුවිධ ක්රමෝපායන් යොදාගෙන හානිකර සත්ත්ව ගහණ ව්‍යාප්තිය පාලනයට හා බෝගවලට සිදුවන හානි වැළැක්වීම සඳහා විශේෂ ඒකකයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශ පිහිටුවා තිබේ.
ඒ, ඊයේ (20) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ජාවක දීය.
එහිදී පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදු කරන රිලවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීමට ද සැලසුම් සකස් කර තිබේ.
මෙම සාකච්ජාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තුමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ආයතන 15ක් පමණ සහභාගී වී ඇත.