චෝදනා සියල්ල බොරු…කිසිසේත් ඉල්ලා අස්වන්නේ නෑ…! – රුහුණ උපකුලපති…

November 20, 2024 at 3:52 pm | by emanisa.lk

තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් විරෝධතා නිසා ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

“අධ්‍යාපන ඇමතිතුමියට, ලේකම්තුමියට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මම ඉල්ලා අස්වෙන්නේ නැති බව, ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් දැන්වුවා. සමහර චෝදනාවලට මට විරුද්ධව විමර්ශන කිහිපයක් පැවැත්වෙලා තියෙනවා. ඒ සියලු විමර්ශනවලදී මට විරුද්ධව චෝදනා ඔප්පු කරන්න තරම් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.

එහෙම තිබුණා නම් මීට කලින් මට විරුද්ධව මට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න රජයකට පුළුවන්කම තිබුණා කියලා මම විශ්වාස කරනවා. විශ්වවිද්‍යාලයේ පීඨ 5ක් සම්පූර්ණයෙන්ම වැඩ. අනෙක් පීඨවලත් ආචාර්යවරු මේකට එකඟ නැති අය වැඩ. මේ වැඩවර්ජනය සාර්ථකයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒකට හේතුව මගේ මර්දනය නෙමෙයි. ඒකට හේතුව ඔවුන්ගේ සටන්පාඨවල තියෙන දුර්වලකම.”

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *