මිල සූත්‍රය තියෙන එක හොඳයි… ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නෑ..! – බලශක්ති අමාත්‍යංශ ලේකම්….

November 19, 2024 at 8:59 pm | by emanisa.lk

ඉන්ධන මිල සූත්‍රයක් තිබීම හොඳ බවත් එය ඉවත් කිරීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවත් බලශක්ති අමාත්‍යංශ නව ලේකම් ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

ඉදිරියේ දී කිසියම් අවශ්‍යතාවක් ඇති වුවහොත් එය සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවයි, ලේකම්වරයා ප්‍රකාශ කළේ.

මිල සූත්‍රය පිළිබඳ බිය විය යුතු නැති බවත් මිල වැඩි කිරීමට නොව හැම විට ම මිල අඩු කිරීමට උත්සාහ කරන බව ද ඔහු අවධාරණය කරයි.

බලශක්ති අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *