ජාතික ජනබලවේග ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය.
ජාතික ජන බලවේගයේ ප්‍රබල නායකයන් වන නලින් හේවගේ, නාමල් කරුණාරත්න සහ නිහාල් ගලප්පත්ති ඇමැති ධුර නොලැබුණු අතර නිහාල් ගලප්පත්ති කතානායක ධුරයට යෝජනා වී ඇතැයි ද වාර්තා වෙයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ද සමග නව ඇමැති මණ්ඩලයේ අමාත්‍යවරුන් 22කි.
01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
02. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකර හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
06. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
08. රාමලිංගම් චන්ද්‍රසේකරන් – ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍ය
09. මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය
10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
13. මහාචාර්ය සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
21. වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය